Wednesday, April 24, 2024

General line - 0115112241

මූලික වටයේ අවසන් තරග 02 අද

තරංග රුක්ෂාන් ජයසේකර




අන්තර් පළාත් සුපර් ෆෝ ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග 02 අද (08) පැවැත්වෙනවා.

එක් තරගයක් දඹුළු කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වෙන්නේ දඹුල්ල ක්‍රීඩාංගණයේදීයි.

මේ දක්වා පැවැති තරග 02කම මෙම කණ්ඩායම් දෙකම පරාජයට පත්ව තිබෙනවා.

අනෙක් තරගය පැවැත්වෙන්නේ කොළඹ කණ්ඩායම් සහ ගාල්ල කණ්ඩායම් අතරයි.

මෙම කණ්ඩායම් 02කම දැනටමත් තමන් සහභාගී වූ මූලික වටයේ තරග 02කම ජය ගෙන සිටිනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය මෙම තරගාවලිය සංවිධාන කරන්නේ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීමේ අපේක්ෂාව ද ඇතිවයි.