Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලානයට ක්‍රීඩකයින් සොයන තරගාවලියේදී අකිල සහ තිසරගෙන් පන්දුවෙන් දස්කම්

තරංග රුක්ෂාන් ජයසේකර




මේවනවිට පැවැත්වෙන සුපර් ෆෝ පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරගවලදී පන්දුවෙන් දස්කම් දැක්වීමට අකිල ධනංජය සහ තිසර පෙරේරා සමත්වුණා. කොළඹ කණ්ඩායම නියෝජනය කරන අකිල ධනංජය ලකුණු 53කට අද කඩුළු 05ක් බිඳ හෙලුවා.

ඒ, ගාල්ල කණ්ඩායමට එරෙහිවයි. මහනුවර කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා ලකුණු 25කට කඩුළු 04ක් බිඳ හෙලුවා. ඒ, දඹුල්ල කණ්ඩාමට එරෙහිවයි.