Tuesday, April 16, 2024

General line - 0115112241

ක්‍රිකට් පාවාදීම් පිටුපස සිටින මාතර ව්‍යාපාරික කාන්තාවක් පිළිබඳ තොරතුරු

කසුන් කැලුම්




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති තරග පාවාදීමේ චෝදනාව පිටුපස මාතර ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඉන්දීය බුකීකරුවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ප්‍රධානතම අතරමැදිකාරිය ලෙස ඇය කටයුතු ඇති බවටයි වාර්තා වී ඇත්තේ.

36 හැවිරිදි මෙම කාන්තාව කුරුදුවත්තේ පිහිටි වෙළෙදසැලක හිමිකාරියක් බවද සදහන්. හිටපු ක්‍රිඩකයෙකු විසින් යොවුන් ක්‍රීඩකයන්ට ඇය හඳුන්වා දි ඇති බවටයි සිදු කෙරුණු පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම කාන්තාව සමග යොවුන් ක්‍රිඩකයින් කිහිපදෙනෙකුම සමීප සබදතා පවත්වා ඇති බවද වාර්තා වනවා.