Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දක්ෂතා අනුව ගෙවීමේ නව ගිවිසුමක් - වෘත්තීය මට්ටමේ කී‍්‍රඩකයින් රැසක් අත්සන් කිරීමට කල් මරමින් සිටී

කසුන් කැළුම්




වෘත්තීය මට්ටමේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් සඳහා දක්ෂතා අනුව ගෙවීම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.  

ඒ සඳහා කී‍්‍රඩකයන් සමග ගිවිසුමක්ද අත්සන් කිරීමටයි කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් එලෙස ගිවිසුම් ගත වීමට වෘත්තීය මට්ටමේ කී‍්‍රඩකයින් රැසක් කල් මරමින් සිටින බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.

ඒ අතර ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් රැසක් සිටින බවද වාර්තා වනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්ෂතා පසුබෑමක තිබෙන අවස්ථාවක ජාතික කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයින්ට අතිවිශාල මුදල් ප‍්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විරෝධයද එල්ල වුණා.

එම කරුණුද සැලකිල්ලට ගනිමින් මෙම ගිවිසුම කි‍්‍රයාත්මක කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ. එළැඹෙන ලෝක කුසලානයට පෙර අදාළ නව ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.