Wednesday, April 24, 2024

General line - 0115112241

මෝදිගේ චිත්‍රපටයට එරෙහිව පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන දිවිය අලලා සැකසුනු “පී එම් නරේන්ද්‍ර මෝදි” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කර තිබෙනවා. පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ ප්‍රභල කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින්. මහමැතිවරණය ආරම්භ කෙරෙන 11 වනදා අදාළ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කිරීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය වන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

ඒ වෙනුවෙන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයක් ද පෙත්සම්කරු විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. එහෙත් පෙත්සම සලකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඩුල්ලේ තීරණය වී තිබුණේ විනාඩි 02ක පූර්ව ප්‍රචාරක පටයක් නරඹා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තහනම් කළ නොහැකි බවයි. සම්පූර්ණ චිත්‍රපටය නැරඹීමට පෙර එහි ස්වභාවය හෝ අන්තර්ගතය පිළිබඳ තීරණයක් ගත නොහැකි බවයි විනිසුරුවරුන්ගේ තීරණය වුණේ.

එහෙත්, මැතිවරණ දිනයේදී හෝ මැතිවරණයට පැය 48ක් තිබියදී මෙවැනි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් නිදහස්  හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතිය උල්ලංඝණය වන බවට පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දිගින් දිගටම තර්ක කර තිබෙනවා. ඊට සාක්ෂි ලෙස චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන ලෙසට පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීම් කළත්, එය ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිශ්ප්‍රභා කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.