Thursday, April 25, 2024

General line - 0115112241

එක මතයක නැති එක ගැන 'SB' කතා කරයි



අයවැය ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක මතයක සිට කටයුතු නොකර මන්ත‍්‍රීවරුන් වෙනස් අයුරින් කටයුතු කිරීම පිළිබඳ දේශපාලන වේදිකාවේ තවදුරටත් සංවාද පවතිනවා.

ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද ඒ පිළිබඳ ප‍්‍රශ්න කෙරුණා. ඊට පිළිතුරු දුන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායකයි.  

ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබුණද මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ඊට පටහැනිව අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා. එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා ද ඔවුන්ගෙන් කෙනෙක්.

නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ඒ පිළිබඳව ද ප‍්‍රශ්න කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.