Thursday, April 25, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ වාහන වෙළඳපොලට නරකම තත්ත්වයක් උදාවෙලා

දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලංකාවේ වාහන වෙළඳපොල තවදුරටත් කඩා වැටෙමින් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ පැවසුවේ වසර 26කට පසු ශ‍්‍රී ලංකාවේ වාහන වෙළඳපොලෙහි ඇති වූ නරකම තත්ත්වය ද මෙය වන බවයි. 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සහ නිසි අවබෝධයකින් තොරව බදු ඉලක්කන් අගයන් වෙනස් කිරීම තුළ මෙම තත්ත්වය මතුව ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

එන්ජින් ධාරිතාව (CC1000) දහසට වැඩි වාහන සඳහා දරාගත නොහැකි තරම් අසාමාන්‍ය බද්දක් පවතින බවද මේ නිසා වාහනයක් මිලදී ගත යුතු අයට පවා සී සී දහස හෝ ඊට අඩු වාහනයකින් සෑහීමට පත්වීමට සිදුව ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.