Saturday, April 20, 2024

General line - 0115112241

ලහිරු තිරිමාන්නගෙන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ගැන බලාපොරොත්තුවක්

තරංග රුක්ෂාන් ජයසේකර




අන්තර් පළාත් සුපර් ෆෝ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතරයි. තරගයෙන් ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම පන්දුවාර 50, අවසානයේ කඩුලූ 07ක් දැවී ලකුණු 337ක් රැස් කළා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වු ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න පන්දු 128ක දී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.

වනිදු හසරංග පන්දු 53ක දී වේගවත් ලකුණු 87ක් රැස් කළා.

මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණ වන්නේ එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩකයින් තෝරා ගැනීමයි.