Thursday, March 28, 2024

General line - 0115112241

සුපර් ෆෝ අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය අවසන්

සමන්ත කුමාර




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධාන කළ සුපර් ෆෝ අන්තර් පළාත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද විසදුමකින් තොරව අවසන් වුණා.

මෙම තරගය පැවැත්වුණේ ලසිත් මාලිංග නායකත්වය දරණ ගාල්ල කණ්ඩායම සහ දිනේ්ෂ් චන්දිමාල් නායකත්වය දරණ කොළඹ කණ්ඩායම අතරයි.

දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 337 ක් රැස් කළා.

ලහිරු තිරිමාන්න පන්දු 128 කදී ලකුණු 115 යි. වර්ෂාව හේතුවෙන් කොළඹ කණ්ඩායමට එකදු පන්දුවකට හෝ පහරදීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

ඒ අනුව එම කණ්ඩායම් දෙක සම ශූරයින් ලෙස නම් කිරීමටයි තරග සංවිධායකයින් කටයුතු කළේ.