Wednesday, April 24, 2024

General line - 0115112241

දක්ෂතා අනුව වැටුප් ගෙවන නව ගිවිසුමට ක්‍රීඩකයෝ අත්සන් තබති

කසුන් කැළුම්




දක්ෂතා පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කරන නව ගිවිසුමට කි‍්‍රකට් කී‍්‍රඩකයන් අත්සන් තබා තිබෙනවා.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ගත් මෙම තීරණයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු අකමැත්ත පළ කර තිබූ අතර අදාළ ගිවිසුමට අත්සන් තැබීමටද ඔවුන් කල්මරමින් සිටි බව නෙත් ස්පෝර්ට්ස්මන් ඉකුත්දා වාර්තා කළා.

කෙසේ වෙතත් එම කී‍්‍රඩකයින් සියලූ දෙනා මේ වන විට අදාළ ගිවිසුමට අත්සන් කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා නෙත් ස්පෝර්ට්සමන් වෙත කියා සිටියේ. 

මේ අතර කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පනවා ඇති විනය නීති දැඩිව කි‍්‍රයාත්මක කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් විදෙස් සංචාරවල නිරත අවස්ථාවන්වලදී තරගයට පෙර දින රාති‍්‍රයේ උත්සව අවස්ථාවන්ට සහභාගි වීමද සීමා කර තිබෙනවා.

එවැනි අවස්ථාවල එම කී‍්‍රඩකයින් මත්පැන් පානය කිරීමට යොමුවන බැවින් මත්පැන් පානයද කී‍්‍රඩකයන්ට තහනම් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත්තේ.

සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියේදීද මත්පැන් පානය කරන කි‍්‍රඩකයින් පිළිබද කි‍්‍රකට් බලධාරීන් දැඩි විමසිල්ලෙන් පසු වුණා. අහඹු ලෙස තෝරා ගත් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු එහිදී පරීක්ෂාවට ලක් කෙරුණා.

ඉදිරියේදීත් එවැනි තරගාවලි පැවැත්වෙන අතරතුර අහඹු ලෙස තෝරා ගන්නා කි‍්‍රඩකයින් මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂාවට ලක් කරන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.

යම් කිසි කී‍්‍රඩකයෙකු තරගාවලියක් අතරතුර මත්පැන් පානය කර ඇති බව තහවුරු වුවහොත්  ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමර්ග ගන්නා බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියා.