Friday, March 29, 2024

General line - 0115112241

අතිවිශේෂ ගැසට් නිවේදනයක්




රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තූව, ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙතෙක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවතුණේ ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්තවයි.

ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා සිදු වූ ආණ්ඩු පෙරළියට පෙර එම දෙපාර්තමේන්තුව පැවතුණේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේයි. ආණ්ඩු පෙරළිය සිදු වීමට ආසන්නයේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැණුනා. 

එම දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ද පැවති අතර එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ගයන්ත කරුණාතිලකයි. 

මේ වනවිට ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය දරන්නේ ද ගයන්ත කරුණාතිලකයි.