Saturday, April 20, 2024

General line - 0115112241

එක්දින නායකත්වය ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

කසුන් කැළුම්




එක්දින ක‍්‍රිකට් නායකත්වයෙන් තමන් ඉවත් කළ බවට ක‍්‍රිකට් තේරීම් කමිටුව නිල වශයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව ලසිත් මාලිංග පවසනවා. සුපිරි පළාත් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා. 

සිය ශාරීරික යෝග්‍යතාව ද මේ වනවිට ඉහළ මට්ටමක පවතින බව නිමා වූ සුපිරි පළාත් ක‍්‍රිකට් තරගාවලියේ දී තමන් පෙන්වූ බවයි ලසිත් මාලිංග පැවසුවේ. 

ඊයේ නිමාවට පත් වූ සුපිරි පළාත් ක‍්‍රිකට් තරගාවලියේ දී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් සම ශූරතාව දිනා ගත්තා.