Saturday, April 20, 2024

General line - 0115112241

පාප් වහන්සේ සුඩාන නායකයින්ගේ දෙපා සිඹ සාමය ඉල්ලයි

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යුද ගැටුම්වලට මැදිහත් වී සිටින දකුණු සුඩානයට සාමය රැගෙන එන්නැයි සුඩාන දේශපාලඥයින්ගෙන් ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ පාප් වහන්සේ සුඩාන දේශපාලන නායකයින්ගේ දෙපා සිඹ මෙම ඉල්ලීම සිදු කිරීමයි. 

දකුණු සුඩාන නායකයින් සහ එරට ක‍්‍රිස්තියානි ආගමික ප‍්‍රධානීන් පිරිසක් වතිකානයට පැමිණි අවස්ථාවේ පාප් වහන්සේ මෙම ඉල්ලූම සිදු කර තිබුණා. එහිදී උන්වහන්සේ සුඩාන ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා සහ උප ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නායකයින් මුණ ගැසුණා. එහිදී පාප් වහන්සේ කිසිවෙකුත් අපේක්ෂා නොකල අවස්ථාවක ඔවුන් ඉදිරියේ දණින් වැටී ඔවුන්ගේ දෙපා සිඹ ඉල්ලා ඇත්තේ සියලූ පරස්පරතා අවම කර සාමය රැගෙන ඒමට සියලූදෙනා කටයුතු කළ යුතු බවයි. 

මෙලෙස පාප් වහන්සේ සුඩාන දේශපාලඥයින්ගේ දෙපා සිපගෙන ඇත්තේ සාම්ප‍්‍රදානුකූල චාරිත‍්‍ර අනුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2011 වසරේදී සුඩානයෙන් වෙන්වී දකුණු සුඩාන නව රාජ්‍යයක් ලෙස ස්ථාපිත වීමෙන් පසු 2013 වසරේ සිට මේ වනවිට සිවිල් යුද්ධයක් හටගෙන තිබෙනවා. අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව ලක්ෂ 04ක්.