Thursday, April 25, 2024

General line - 0115112241

විනිසුරු තීරණයට අභියෝග කළ දෝණිට දඩයක් (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර




ඉන්දීය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි, අයි පී එල් ක්‍රිකට් පිටියේ දී සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් මේ වනවිට ලොවපුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා. මෙම සිද්ධිය සිදු වුණේ රාජස්ථාන් කණ්ඩායම සහ දෝණි නියෝජනය කරන චෙන්නායි කණ්ඩායම අතර තරගයේදීයි. 

තරගයේ අවසන් පන්දුවාරයේ තීරණාත්මක අවස්ථාවක දී විනිසුරුවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා පිටියෙන් පිටත සිටි මහේන්ද්‍ර සිංදෝණි ක්‍රීඩාංගණය තුළට පැමිණ විනිසුරුවරුන් සමඟ සංවාදයක යෙදීම සිදු වුණා. විනිසුරුගේ තීරණය අභියෝගයට ලක්කරමින් කණ්ඩායමේ නායකායා වූ දෝණි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස කෝපයෙන් සිදු කළ මෙම ක්‍රියාව ක්‍රිකට් විචාරකයන්ගේ පවා විවේචනයට ලක්වුණා. 

මෙම සිද්ධිය පාදක කර ගනිමින් ක්‍රිකට් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත මහේන්ද්‍ර සිං දෝණිට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් ද නියම කර තිබෙනවා. 


වීඩියෝව පහතින් :

https://www.iplt20.com/video/167876?fbclid=IwAR2ffTfBFReoGoD_-Pv3uV3x136Zk1lVO7NcnNZ3NY3A8ugZHE75R_d6G4Q