Thursday, April 25, 2024

General line - 0115112241

නවලෝක රෝහලේ 09 වෙනි මහලෙන් පැන සේවිකාවක් සියදිවි හානිකර ගනියි

දිනුක් හේවාවිතාරණ




කොළඹ පිහිටි සුප්‍රසිද්ධ පුද්ගලික රෝහලක 09 වන මහලෙන් බිමට පැන එහි සේවිකාවක් සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ නවලෝක රෝහලේ මානව සම්පත් කළමනාකරණ අංශයේ සහකාර කලමනකාරිවරියක් වශයෙන් සේවයේ නියුතුව සිට 35 හැවිරිදි කරුන්යා සින්ගාරවෙල් නම් තරුණියක් බවයි හෙළිවී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලීමේදී වාර්තා වුයේ මෙම තරුණිය සියදිවි හානිකර ගත් ඉකුත් 11 වෙනිදා උදැසන 8.30ට පමණ සේවයට පැමිණ ඇති බවයි. පසුව ඇය සිය කාර්යාලයෙන් පිටතට ගොස් ඇති අතර මද වේලාවකට පසුව 9 වන මහලේ පිහිටි ජනේලයකින් බිමට පැන සියදිවි හානිකර ගෙන ඇති බව සඳහන්.

මියගිය තරුණිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්ද වනවා.