Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකාව සමඟ යළි සාකච්ඡාවකට උතුරු කොරියාව සැරසෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




අමෙරිකාව සමඟ යළි සාකච්ඡාවකට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා. එසේ වීම සඳහා අමෙරිකාව යහපත් ආකල්පයක සිටීම අනිවාර්ය බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සාධාරණ ගිවිසුමකට එළඹිය යුතු බවත් දෙරටටම වැදගත් සහ දෙරටටම එකඟ විය හැකි කරුණු එහි අනතර්ගත විය යුතු බවත් උතුරු කොරියානු නායකයා පවසා තිබෙනවා. ඔහුගේ මෙම නිල ස්ථාවරය එරට රාජ්‍ය රූපවාහිනිය මඟින් ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ලෝකයේම අවධානය දිනා ගනිමින් අමෙරිකානු - උතුරු කොරියානු නායකයින් පළමු වරට සිංගප්පූරුවේ දී මුණගැසුනා. දෙවන සාකච්ඡා වටය ඉකුත් පෙබරවාරී මාසයේ දී සිදු කෙරුණේ වියට්නාමයේදීයි. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වුණා.