Saturday, April 20, 2024

General line - 0115112241

මාලිංගට මුම්බායි පිලේ ස්ථානය අහිමි වෙයි

කසුන් කැලුම්




අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකින් ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුළු 04කින් පරාජය කරමින්.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුළු පහක් දැවී ලකුණු 187ක් රැස්කළා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිඩකයින් සිය ඉනිමේ පන්දු 03ක් පමණක් ඉතිරිව තිබියදී එම ඉලක්කය හඹා යමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුනා. එහිදී ඔවුන්ගේ බිද වැටුනු කඩුළු සංඛ්‍යාව 06ක්.

අද තරගය සඳහාද ලසිත් මාලංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ස්ථානයක් නොමැති වීමද විශේෂත්වයක්. තරගය පැවැත්වුනේ මුම්බායිහි වන්කඩේ ක්‍රිඩාංගණයේදියි.