Thursday, April 25, 2024

General line - 0115112241

තරග 06කට පසුව කෝලීගේ පිළ පළමු IPL ජය සමරයි

කසුන් කැලුම්




මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට විරාත් කෝලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ (13) සමත් වුණා. ඒ, කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුළු 8 කින් පරාජය කරමින්. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ අඛණ්ඩව තරග 6 ක් පරාජය වීමෙන් පසුවයි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 4 ක් දැවී ලකුණු 173ක් රැස් කළා. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම එම ඉලක්කය අවසන් පන්දුවාරයේදී පසුකර ගියේ කඩුළු 2 ක් පමණක් දැවීයි. එහිදී නායක විරාත් කෝලිලකුණු 67 ක් සහ ඒ බී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 59 ක් රැස් කිරීමට සමත් වුණා.

ක්‍රිස්ගේල් පන්දු 64 කදී නොදැවී ලකුණු 99 ක් රැස් කළද කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට මෙම තරගය ජය ගැනීමට නොහැකිවීම විශේෂත්වයක්. තරගය පැවැත්වුණේ මොහාලිහිදියි.