Wednesday, April 24, 2024

General line - 0115112241

පුණ්‍ය කාලයේදී අගමැති නුවරඑළියට (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුණ්‍ය කාලයේදී නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වල නිරත වුණා. අද දහවල් එම විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයාට, විහාරාධිපති පූජ්‍ය කළගහකන්දේ විජිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද මෙම අවස්ථාවට එක්වුණා. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්වභාග 07.45ට උදාවු අතර අපරභාග 08.33 දක්වා එය ක්‍රියාත්මකයි.