Thursday, April 25, 2024

General line - 0115112241

ජලගැලීම් නිසා ඉරානයට ඩොලර් බිලියන 02ක ආර්ථික හානියක්

හර්ෂිකා සංජීවනී




ඉරානයට බලපා ඇති ජල ගැලීම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 76ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙම ජල ගැලීම් ඉරානයේ ප්‍රාන්ත 25ක ගම්මාන 4,400කට පමණ බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඒ, හේතුවෙන් සිදු වු ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 2යි දශම 2 ඉක්ම වන බවට ගණන් බලා තිබෙනවා. ඉකුත් මාර්තු මස 19වනදා සිට ඉරානයට බලපා ඇති මෙම ජල ගැලීම් හේතුවෙන් කිලෝ මීටර් 14,000ක එරට මර්ගවලට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගෝලීය උණුසුම මෙම ජල ගැලීමට හේතුව බව ඉරාන කාලගුණ විද්‍යා අංශ පවසනවා.