Friday, March 29, 2024

General line - 0115112241

නෙල්ලිගල ශ්‍රී ශාක්‍යසිංහ තරුණ බෞද්ධ සමිතිය සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය ආරම්භ වේ

හර්ෂිකා සංජීවනී




නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ තරුණ බෞද්ධ සමිතිය සංවිධාන කරන වාර්ෂික අලුත් අවුරුදු උත්සවය මේවනවිට පැවැත්වෙනවා. ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදීයි. ඒ පිළිබඳ නවතම තොරතුරු එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්. 

 

 

..................................................

නෙල්ලිගල ශ්‍රී ශාක්‍යසිංහ තරුණ බෞද්ධ සමිතිය සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය අදයි

(15-04-2019 06:36)

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ තරුණ බෞද්ධ සමිතිය සංවිධාන කරන අලුත් අවුරුදු උත්සවය අද (15) පැවැත්වෙනවා. ඒ, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදීයි.

සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග වලින් ද සමන්විත මෙම අලුත් අවුරුදු උත්සවය හා එක්වන ලෙස නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ප්‍රදේශවාසීන්ට ආරාධනයක් ද කළා. 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවැත්වෙන මෙම අවුරුදු උත්සවය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.