Thursday, April 25, 2024

General line - 0115112241

හෙට සිට කාලගුණයේ වෙනසක්




හෙට (16)  දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන එලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ප්‍රකාශ කෙරුණේ. 

මේ අතර අද (15) දිනයේද ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වනවා. ඒ අනුව දහවල් 12 යි 09ට සුරුවිල්, ආරියාලෛයි, මුහුමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පැවසුවේ.