Thursday, April 25, 2024

General line - 0115112241

හදිසි අනතුරුවලට ලක්වූ 413දෙනෙකු ජාතික රෝහලට

හර්ෂිකා සංජීවනී




ගතවූ පැය 48 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 413දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8ක ඉහළ යාමක් බවයි එහි ප්‍රකාශිකාවක පැවසුවේ. මහාමාර්ග අනතුරුවලින් තුවාල ලැබූවන් 113දෙනෙකු ද ඒ අතරට අයත්. කෙසේවෙතත් මහාමාර්ග අනතුරු ගිය වසරට සාපේක්ෂව සියයට 6කින් පමණ අඩුවී ඇති බවයි ඇය කියා සිටියේ. 

නිවසේ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 49දෙනෙකු රෝහල් ගත කර ඇති අතර හිංසන ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 36දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ගිනිකෙළි අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගත කළ සංඛ්‍යාව 06දෙනෙක්. 
කෙසේවෙතත් උත්සව සමයේදී ගිනිකෙළි අනතුරු සාපේක්ෂව ඉහළ යන බැවින් මහජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා ප්‍රකාශ කළා.

කුඩා දරුවන් ගිනිකෙළ අනතුරුවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බැවින් මවුපියන් ඒ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි ඇය පැවසුවේ.