Friday, April 26, 2024

General line - 0115112241

විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ජවිපෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක්

දිල්ශාන් තුෂාර




ඉදිරි ජනාධිපතිවරණය සඳහා පුළුල් සන්ධානයක් යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ද සූදානම් වනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ ජනාධිපතිවරණයට පෙර 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත්, එලෙස ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවයි.

පක්ෂයක් වශයෙන් මධ්‍යම කාරක සභාව තීරණයක් ගත්තා ජුලි 31 වෙනිදා දක්වා විධායක ජනාධිපතිධුරය අහෝසි කර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු අයුරකින් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න තීරණය කර තිබෙනවා. මාධ්‍ය ඉදිරියට ඇවිත් කවුරු කොහොම කිව්වත් කිසිදු පක්ෂයකට ජනාධිපතිවරණයේදී සියයට 40-50 ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම සිදුකළ නොහැකි බව මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අපේක්ෂාවෙන් බවයි බිමල් රත්නායක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. 

එජාප සහ ශ්‍රීලංකා බොරුකාරයින් කවුරුන්ද කියලා හෙළිදරව් කරලා සැබෑ ලෙසම මෙය අහෝසි කරන්න ජනවරමක් ගන්න ඕනේ. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ කියන පොදු කරුණ සම්බන්ධයෙන් අප මහින්ද රාජපක්ෂ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සමග පවා සාකච්ජා සිදුකලේ මෙය අහෝසි කල යුතු නිසයි. අපි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා වුවත් එන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ අපේක්ෂකයා ලෙසයි, මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.