Thursday, April 25, 2024

General line - 0115112241

තානාපති කාර්යාලයේ සිට ඔත්තු බැලු බවට විකිලික්ස් නිර්මාතෘට චෝදනාවක්    

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රිතාන්‍ය පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයට මුවාවී ජූලියන් අසාන්ජේ රහස් ඔත්තු සෙවීමේ ක්‍රියාවලියේ නිරත වී ඇතැයි ඉක්වදොර්යේ ජනාධිපති ලෙනින් මොරීනෝ පවසනවා. අසාන්ජේ විසින් තානාපති කාර්යාලය, රහස් ඔත්තු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය බව ද ජනාධිපති මොරීනෝ චෝදනා කළා. 

ස්වෛරී රාජ්‍යයක් වන ඉක්වදෝරය සෑම රටකම දේශපාලන න්‍යායන්ට ගරු කරන බවයි බි්‍රතාන්‍ය පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මොරීනෝ වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව ජාත්‍යන්තරයට විරුද්ධ රහස් ඔත්තු සේවයට සිය රටේ දොරටු විවෘත කර දීමට තමාට උවමනාවක් නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.  

ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක්ව සිටින විකිලික්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජූලියන් අසාන්ජේ වසර 07ක් පුරා බි්‍රතාන්‍යයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැඳී සිටියේ ඉක්වදෝරයේ දේශපාලන රැකවරණය ද ලබමින්. එහෙත්, ඉක්වදෝර ජනාධිපති ලෙනින් මොරීනෝගේ අවසරය හිමිවිමත් සමග අසාන්ජේ ඉකුත් දා බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වනවිටත් අසාන්ජේට එරෙහිව මාස 12ක සිරදඬුවමක් පනවා ඇති නමුත් ඔහු දැන් උත්සහ දරන්නේ බ්‍රිතාන්‍යයෙන් ස්විඩනයට පිටුවහල් කිරීම වළක්වා ගැනීමටයි. 

ස්විඩනයට පිටුවහල් කළහොත් ජූලියන් අසාන්ජේ අමෙරිකාවට භාර දීමට නියමිතව තිබෙනවා. අමෙරිකාවේ රහස්‍ය දත්ත ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ද ජූලියන් අසාන්ජේ චෝදනා රැසකට ලක්ව සිටිනවා.