Friday, March 29, 2024

General line - 0115112241

හෙට දිවයින පුරා සමෘද්ධි බැංකුවල ගනුදෙනු නවතී

දිල්ශාන් තුෂාර            




දිවයින පුරා සමෘද්ධි බැංකුවල සේවකයින් හෙට දිනයේ සියලු ගනුදෙනු නතර කර සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් කුමාර පැවසුවේ සිය වැටුප් අඩු කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීම මෙහි අරමුණ බවයි. 

දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074ටම අයත්, සමෘද්ධි සේවකයින් හෙට දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හා එක්වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.