Friday, April 19, 2024

General line - 0115112241

කළහාකාරි ලෙස හැසිරීමෙන් වලකින්න : ගතවූ දින දෙක තුල මනුෂ්‍ය ඝාතන 03ක් - පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි                 

හර්ෂිකා සංජීවනී




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කරන සාද හෝ වෙනත් ආකාරයක හමුවීම් ගැටුම්වලට අවස්ථාවක් කර නොගන්නැයි පොලීසිය ඉල්ලීමක් කරනවා. අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කරන ඇතැම් සාද ගැටුම් වලින් අවසන් වූ අවස්ථා මේවනවිටත් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

මේ අතර ඉකුත් දින දෙකේදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධීන් 03ක් වාර්තා වූ බව ද ඒවායෙන් පුද්ගලයෙන් සිව්දෙනෙකු මිය ගොස් ඇති බව ද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර කඹුරුපිටිය ඕමාරහේන ප්‍රදේශයේ දී අද අලුයම කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකුට ඇසිඞ් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. ප්‍රදේශයේ නිවසක දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් අතරතුර මෙලෙස ඇසිඞ් ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ. එහිදී අදාළ නිවසට සහ එහි තිබූ වෑන් රථයකට ද කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර කඹුරුපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.