Thursday, April 25, 2024

General line - 0115112241

මදූෂ් සමග අත්අඩංගුවට ගත් තවත් 08ක් ඉදිරි දිනවල දිවයිනට

හේමන්ත කහවලගේ




මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් 08දෙනෙකු ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිත බව ඩුබායි ආරංචි මාර්ග පවසනවා. එරට අත්අඩංගුවේ පසුවූ ඔවුන් 08දෙනා මේවනවිට නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ. 

මාකඳුරේ මදූෂ් සමග ඉකුත් පෙබරාවාරි මාසයේදී ඩුබායිහිදී පුද්ගලයින් 31දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ, ඩුබායිහි හෝලටයක පැවැති සාදයක් අතරතුරයි. එම පිරිසෙන් 15දෙනෙකු මේවනවිටත් දිවයිනට එවා තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවන් වන කංජිපානි ඉම්රාන්, අනුෂ්ක කෞෂාල් නොහොත් ජංගා සහ අමිල සම්පත් නොහොත් රොටුඹ අමිල ද ඒ අතරට අයත්.