Friday, March 29, 2024

General line - 0115112241

පැය 24ක මෙහෙයුම්වලින් බීමත් රියදුරන් 170ක් අත්අඩංගුවට




ගත වු පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (14) පෙරවරු 06 සිට අද (15) පෙරවරු 06 දක්වා දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. එම කාලය තුළ රථවාහන නඩු 3, 036ක් ද ලබා ගෙන තිබෙනවා.

මේ අතර ඉකුත් 11වනදා සිට මේ දක්වා සිදු කළ වැටලීම්වලින් බීමත් රියදුරන් 941 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ලබා ගෙන ඇති රථවාහන නඩු සංඛ්‍යාව 29, 461ක්. උත්සව සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුම් ලබන 20වනදා දක්වා ක්‍රියාත්මකයි.