Friday, April 19, 2024

General line - 0115112241

ගතවූ පැය 24 දී වැඩිම වර්ෂාපතනය කොළඹ කොටුවට




අද (15) පෙරවරු 08.30න් අවසන් වූ ගතවු පැය 24දි දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹ කොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ අගය මිලි මීටර් 23 දශම 5ක් ලෙස සටහන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ අතර හෙට දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සදහන් කලේ.