Friday, April 19, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දේ ආශිර්වාද ලබා ගන්න අගමැති බඹරකැලේ ශ්‍රී මහා විහාරයට

කසුන් කැලුම්




උදාවු අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය බඹරකැලේ ශ්‍රී මහා විහාරයට පැමිණියා. 

අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුව විහාරාධිපති පූජ්‍ය මීතනෑවේ හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදි බඹරකැලේ විහාරයේ විහාරාධිපති හිමියන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා.