Friday, March 29, 2024

General line - 0115112241

මුල්‍ය අර්බුධයක් නිසා ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගමක් සිය ගුවන් ගමන් නතර කරයි

දිනුක් හේවාවිතාරණ




මුල්‍ය අර්බුධයකට මුහුණ පා සිටින ඉන්දියාවේ ජෙට් එයාර් ගුවන් සමාගම සිය ජාත්‍යන්තර ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව, නේපාලයේ කත්මන්ඩු නුවර, සිංගප්පුරුව, හොංකොං දක්වා ගමන් සිදුකරන සිය ගුවන් සේවාවන්හි ඉදිරි ආසන වෙන් කිරීමේ ක්‍රමවේදයද මේ වන විට තාවකාලිකව නතර කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.

ආර්ථික අර්බුධයෙන් මිදීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 1500 ක බැංකු අණකරයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉන්දීය මහ බැංකුවෙන් එම ගුවන් සමාගමේ ගුවන් නියමුවන් විසින් ඉල්ලීමක් සිදුකර ඇති අතර 20,000ක් පමණ වූ සේවකයින්ගේ රැකියා ආරක්ෂාව සඳහා මැදිහත්වන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් පවා ඉල්ලීමක් කරමින් ලිපියක් යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපිය ගමනාන්තයන් බලා දිවෙන සිය ගුවන් ගමන් ද මේවන විට ජෙට් එයාර් ගුවන් සමාගම විසින් නතර කොට ඇති අතර එය ඉදිරි දින කිහිපයේදී යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති ඇතැයි එම ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.

මේ වන විට ඉන්දියාව තුල පමණක් ජෙට් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානා 08ක් සිය සේවාවන් සපයන අතර ඉතිරි සියයට 80ක් වූ ගුවන් යානා සේවාවන් ගෙන් ඉවත්ව ඇති බව සඳහන්.