Thursday, April 25, 2024

General line - 0115112241

ඉදිරියේ එන තද වැසි කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

කසුන් කැලුම්




ඉදිරි දින කිහිපයේදී බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිති වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසිද අපේක්ෂා කළ හැකියි.

පවතින උෂ්ණ අධික කාලගුණ තත්වයේ  තාවකාලික අඩුවීමක්ද ඉදිරියේදි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍ය දෙපාර්තමේනතුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.