Saturday, April 20, 2024

General line - 0115112241

අගමැතිධුරයේ වෙනසක් පිළිබඳ පලවන වාර්තා ගැන ඇමති රවී කතා කරයි

කසුන් කැලුම්




අග්‍රාමාත්‍ය ධුරය දැරීමට එක්සත් ජාතික පක්ෂයේ එකම සුදුස්සා වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. වෙනත් පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ සුදානමක් පවතින බවට පල වන වාර්තා සම්බන්ධයෙන් මඩකලපුව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ සිටින්නේ එක නායකයෙක් විතරයි. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතායි. එකේ කිසිසේත්ම වෙනසක් නැහැ. ඔය වගේ කතා ප්‍රචාරය කරනවා. නමුත් එහෙම වෙනසක් කරලා නැහැ. මම බොහෝම වගකීමෙන් කියනවා. කවුරුත් පෙන්නලා පක්ෂය අරන් ඉදිරියට අරන් යන්න බැහැ, ඇමතිවරයා මෙහිදී කියා සිටියා.

එක්සත්  ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.