Wednesday, April 24, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන ඉන්දිය ක්‍රිකට් පිළ නම් කෙරේ

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ඉන්දීය සංචිතය අද (15) නම් කළා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා  ලෙස නම් කර ඇත්තේ විරාට් කෝලියි. දිනේෂ් කාර්තික් සහ විජය ශංකර් ලෝක කුසලානය තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයට කැදවා තිබෙනවා.

යුවරාජ් සිං, රවින්ද්‍රන් අශ්වින්, අම්බටි රයිදු සහ රිෂාබ් පාන්ට් මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයට ඇතුළත්ව නැහැ. රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, මහේන්ද්‍ර සිං දෝණි,  හර්දික් පාණ්ඩියා, බුවනේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා සහ රවීන්ද්‍ර ජඬේජාද ඉන්දීය සංචිතයට ඇතුළත්.

මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ඔස්ටේ්‍රලියානු සංචිතයද අද නම් කෙරුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් තුනක් මේ වන විට සිය සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතය ලබන 18වනදා ප්‍රකාශයට පත්කරන බවයි ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් නෙත් ස්පොර්ට්ස්මන් වෙත කියා සිටියේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන මැයි මස 30වනදා එංගලන්තයේ සහ වේල්සයේදී ආරම්භ වීමට නියමිතයි.