Saturday, April 20, 2024

General line - 0115112241

විදුලිය බිඳවැටුණු පරිශ‍්‍ර හතලිස් එස්දහසක් යථාතත්වයට (UPDATE)

ඩිල්ෂාන් මඩවල/මහේෂ් චතුරංග




රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ (15) සවස විදුලි සැපයුම බිඳවැටුණු පාරිභෝගිකයින්ගෙන් වැඩි පිරිසකට මේ වනවිට විදුලි සැපයුම යළි ලබා දී ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

ඉතිරි පාරිභෝගිකයින්ට ද අද දවස තුළ විදුලි සැපයුම යළි ලබා දෙන බවයි ඔවුන් අවධාරණය කළේ. 

විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ තවදුරටත් විදුලිය ලබා දීමට ඉතිරිව සිටින්නේ විදුලි පාරිභෝගිකයන් 700කටත් අඩු පිරිසක් බවයි.

අදාළ විදුලි බිඳ වැටීම සිදුවුණේ ඊයේ සවස 06.00ට පමණයි. 

------------------------

විදුලිය බිඳවැටුණු පරිශ‍්‍ර හතලිස් දෙදහසක් තවමත් අඳුරේ

(16-04-2019 06:30)

 

රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳ වැටීමෙන් පාරිභෝගිකයින් 42,000ක් පමණ පීඩාවට පත්ව සිටිනවා.

හෝමාගම, කොට්ටාව, හොරණ, අවිස්සාවේල්ල, පාදුක්ක සහ හංවැල්ල යන ප‍්‍රදේශවලට ඊයේ (15) සවස 06.00ට පමණ මෙලෙස විදුලිය බිඳ වැටුණු බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. ඒ අනුව පීඩාවට පත් පාරිභෝගිකයින් දැන් පැය 12කටත් වැඩි කාලයක් තිස්සේ සිටින්නේ අඳුරේයි. 

ගස් කඩා වැටීමෙන් හානි වූ අධිසැර රැහැන් මේ වනවිට යථාතත්ත්වයට පත් කර තිබෙනවා. එහෙත්, හානි වූ අඩුසැර රැහැන් යථාතත්ත්වයට පත් කිරීම තවදුරටත් සිදු කෙරෙමින් ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ. පන්නිපිටිය ප‍්‍රදේශයේ පිහිටි ට‍්‍රාන්ස්ෆෝමරයක අලුත්වැඩියාවන් ද තවදුරටත් සිදු වනවා.