Saturday, April 20, 2024

General line - 0115112241

ගමනා ගමන මණ්ඩලයේ දෙවැනි සැලැස්ම අද සිට

දිල්ශාන් තුෂාර




සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට අපහසුවකින් තොරව නැවත නගර වෙත පැමිණීම සඳහා බස්රථ සේවයට යොදවා ඇතැයි ශ‍්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

නෑගම් යන පිරිස් වෙනුවෙන් ප‍්‍රාදේශීය බස් සේවා ද වැඩි කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඒ පිළිබඳ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෙවැනි සැලැස්ම අද සිට ක්‍රියාත්මක වෙන බවයි.

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්දට පෙර ගම්බිම් බලා යාමට මෙන්ම දැන් ආපසු නගර වෙත පැමිණීමට ද අවශ්‍යතාව පරිදි පෞද්ගලික බස් රථ ද යොදවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ. මගීන්ගෙන් වැඩිපුර මුදල් අය කරන සහ වෙනත් අක‍්‍රමිකතා සිදු කරන බස්රථ පිළිබඳ තවදුරටත් අවදානයෙන් සිටින බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 
මේ අතර සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් අතිරේක සේවා සිදු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ද පැවසුවේ.