Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ග ඔස්සේ නැවත පැමිණෙන පිරිසට දැනුම්දීමක්

දිල්ශාන් තුෂාර




ගම්බිම් බලා ගිය පිරිස් ආපසු නගර වෙත පැමිණීම නිසා අද (16) සහ හෙට (17) දිනවල අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එහෙත්, තෝරා ගත් පිවිසුම්වල වැඩිපුර ගේට්ටු විවෘත කර තදබදය වළක්වා ගැනීමට කටයුතු කරන බවයි අධිවේගී මාර්ග, මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂ එස්. ඕපනායක පැවසුවේ. 

සුදුසු තත්ත්වයේ නොමැති වාහන අධිවේගී මාර්ගවලට ඇතුළු නොකරන්නැයි මෙහිදී සිහිකැඳවීමක් ද කෙරුණා.

අධිවේගී මාර්ගයන්ට අදාළ සෙසු මාර්ග නීති පිළිබඳව ද දැනුවත්ව අධිවෙගී මාර්ගවල රිය ධාවනය කරන ලෙයසි අධිවේගී මාර්ග, මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

කෙසේවෙතත් ඉකුත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ අධිවේගී මාර්ගවල සිදුවූ අනතුරුවල අඩුවීමක් තිබෙන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.