Thursday, April 18, 2024

General line - 0115112241

විදුලි ජනනයට බලාගාර 05ක් කඩිනමින්

දිල්ශාන් තුෂාර




විදුලි අර්බුදය නිමා කිරීමට එල්. එන්. ජී. බලාගාර 05ක ඉදිකිරීම් මෙම වසර තුළ ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශ්‍ය පවසනවා.

එහි ලේකම් සුරේන් බටගොඩ පැවසුවේ මේ වන විට ඊට අදාළ සාකච්ජා අවසන් කර ඇති බවයි. 

ඒ පිළිබඳ  වැඩිදුරටත් කරුණු දැක්වු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂන ජයවර්ධන පෙන්වා දුන්නේ රටේ විදුලි ජනනය සඳහා ස්වභාවික ද්‍රව වායු හඳුන්වාදීම සඳහා වන ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගනිමින් පවතින බවයි.

එල්. එන්. ජී. බලාගාරයක ඉදිකිරීම් අවසන් කර කි‍්‍රයාත්මක කිරීම සඳහා මාස 18ත්, 24ත් අතර කාලයක් ගත වන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.