Friday, April 19, 2024

General line - 0115112241

සමෘද්ධි බැංකු සේවාව වෙනත් බැංකු දෙකකට ආදේශ කරන බව ඇමතිගෙන් සැර ප්‍රකාශයක්

මහේෂ් චතුරංග




රටපුරා සමෘද්ධි බැංකුවල සේවකයින් අද (16) වැඩවර්ජනයක නිතර වනවා. ඒ වැටුප් සහ තවත් ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කරමින්.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ජගත් කුමාර කියා සිටියේ මෙම දිනක සංඛේත වැඩ වර්ජනයට ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් ලංකාව පුරාම වැඩ වර්ජනයක් සහ උද්ඝෝෂණයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි.

සමෘද්ධි බැංකුවල සේවකයින් නගන මෙම මැසිවිල්ල සම්බන්ධයෙන් නෙත් නිව්ස් විෂයභාර අමාත්‍ය දයා ගමගේගෙන් ද විමසීමක් කළා.

අමාත්‍යවරයා ඊට ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා නීති විරෝධී කටයුතුවල යෙදීම අනුමත නොකරන බවයි. සේවාවන් කඩාකප්පල් කරන්නේ නම් සමෘද්ධි බැංකු සියල්ලම ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට ආදේශ කිරීමට සිදුවන බවද සඳහන් කළා.

වැටුප් තල සකස් කෙරෙන්නේ සියලූ දෙනාට සාධාරණයක් වන පරිදි බවද මෙහිදී අවධාරණය කෙරුණා.