Friday, April 19, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයට වැටුප් වැඩි කරන්න කෙටුම්පතක්

ඩිල්ෂාන් මඩවල/මහේෂ් චතුරංග




පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීම සඳහා කඩිනමින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පවසනවා.

වතුකම්කරුවන්ට ද අදාළ වන පරිදි මෙම වැටුප් සංශෝධනය සිදු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් ඉකුත් දා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. යෝජිත වැටුප් වැඩිකිරීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාවේදී ද එකගතාවන් ඇතිවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේවෙතත් සිදු කරන වැටුප් වැඩිකිරීම කොපමණ ප‍්‍රමාණයක්දැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ නැහැ. පෞද්ගලික අංශයේ සේවකයින්ට දැනට හිමි අවම මූලික වැටුප රුපියල් 10,000ක්. දීමනා ද සහිතව එය රුපියල් 13,500ක් වනවා.