Wednesday, April 24, 2024

General line - 0115112241

ලොව පුරා සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව සීග‍්‍රයෙන් ඉහළ යමින් පවතී

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව පුරා සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉකුත් වසරේ මුල් මාස 03 ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 03දී සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 300කින් පමණ වැඩිවී තිබෙන බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. 

2018 වසරේ මුල් මාස 03 දී ලොවපුරා රටවල් 163 කින් වාර්තා වුු සරම්ප රෝගීන් සංඛ්‍යාව 28, 124 ක්. එහෙත් මෙම වසරේ මුල් මාස තුනේදී පමණක් ලොව රටවල් 170කින් සරම්ප රෝගීන් එක් ලක්ෂ 12, 163දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ප‍්‍රබල වෛරස් රෝග තත්ත්වයක් වන සරම්ප හේතුවෙන් බරපතල සංකූලතා ඇතිවිය හැකි අතර, ඇතැම් විට පෙනහළු හා මොළයේ ආසාධන තත්ත්වයන්ට ද ගොදුරු විය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.  ඉන්දියාව, මැඩගස්කරය හා යුක්රේනය මේ වනවිට සරම්ප රෝගයට දැඩි ලෙස ගොදුරු වී ඇති රටවල් වනවා. පාකිස්තානයෙන්, බ‍්‍රසීලයෙන් හා යේමනය වැනි රටවලින් වාර්තා වන සරම්ප රෝගීන් බහුතරයක් කුඩා ළමුන් බවයි පැවසෙන්නේ.