Thursday, March 28, 2024

General line - 0115112241

ලන්ඩන් නුවර විරෝධතාවයේ යෙදුනු 100ක් අත්අඩංගුවට




ලන්ඩන් නුවර විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

දේශගුණික විපර්යාස හමුුවේ පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියා. 

ලන්ඩන් නුවර මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. 2025 වන විට වායුගෝලයට කාබන් මුදා හැරීම නතර කරන ලෙසට විරෝධතාකරුවන් ආණ්ඩුවට බල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.