Wednesday, April 24, 2024

General line - 0115112241

පෙම්වතියට යෝජනාවක් කළ තම මිතුරාව පෙම්වතා විසින් ගෙල කපා මරා දමයි (PHOTOS)

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




සිය පෙම්වතිය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනිමට උත්සහකල තම මිතුරාගේ ගෙල කපා මරා දැමු තරුණයෙකු අද (16) පෙරවරුවේ සිය පියා සමග ත්‍රිකුණාමලය වරාය පොලිසියට පැමිණ භාර වු බව පොලිසිය කියයි.

ඝාතනය සිදුකළ තරුණයා ඔහුගේ මිතුරාව යතුරුපැදියක නංවාගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ආසන්නයේදි සිය සන්තකයේ සගවා ගෙන තිබු පිහියකින් මිතුරාගේ ගෙල කපා ඇති අතර සිද්ධිය සිදුවූ අවස්ථාවේ යතුරුපැදිය පදවා ගෙන ගොස් ඇත්තේ මියගිය තරුණයා බව පරික්ෂණ මෙහෙයවන වරාය පොලිසිය සඳහන් කර සිටියි.

යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීම පිටුපස සිටි ඝාතකයා විසින් මියගිය තරුණයාගේ ගෙල කපා ඇති අතර ධාවනය වු යතුරුපැදිය පෙරලි ගොස් ඇත. මියගිය තරුණයා ලේ පෙරෙන තුවාල සහිතව හිස් වැසුම විසිකර අසල ඇති නාවික හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල දිව යද්දි ඝාතකයා පෙරලුනු යතුරුපැදියෙන් පලාගොස් සිය දෙමව්පියන්ට මේ බව සැලකිරිමෙන් පසු සැකකරුව ඔහුගේ පියා විසින් වරාය පොලිසියට රැගෙනවිත් භාර දි තිබේ.

සිද්ධිය සැලවු විගස වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.ජි.ඒ.ජගත් අමරවංශ ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කළ අතර සගවා තිබු යතුරුපැදිය, අපරාධය සිදුකල පිහියද සොයාගැනිමට සමත්ව තිබෙනවා. 

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමය උසාවිය පාරේ පදිංචි තංගතුරෙයි දනුෂ්ටන් (20) නැමැති අයවන අතර ඝාතකයා ද වයස අවුරුදු (20) ක් වන සම වයසේ පසුවන්නෙක් බව හෙලිවි තිබේ.

ගෙල කැපි නාවික කදවුරට දිවගිය තරුණයා එහි රාජකාරියේ නිරත භට පිරිස් පුටුවක හිදුවා ක්ෂණිකව ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලත් කරද්දි ඔහු මියගොස් තිබු බව සඳහන්.