Tuesday, April 23, 2024

General line - 0115112241

ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මිලදී ගත් භාණ්ඩ ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

ඩිල්ෂාන් මඩවල




ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයින් ද සමග තිරුපති හි සාප්පු සවාරියක නිරත වී තිබෙනවා.

සාමාන්‍ය වන්දනාකරුවෙකු ලෙස තිරුපති කෝවිල අසල කුඩා සාප්පු සංකීර්ණයේ සෑම වෙළඳසැලකටම යමින් ජනාධිපතිවරයා මෙලෙස සාප්පු සවාරියේ යෙදුනු බවයි ‘‘ඉන්දියන් එක්ස්ප‍්‍රස්’’ වෙබ් අඩවිය පවසන්නේ.

සැරසිලි ද්‍රව්‍ය, ඡායාරූප රාමු, කුඩා ළමයින් සඳහා වන සෙල්ලම් බඩු සහ පූජා ද්‍රව්‍ය ජනාධිපතිවරයා මෙහිදී මිලදී ගත් බව ද ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා තිරුපති කෝවිල වන්දනා කරනු ඇතැයි ද සඳහන්.