Wednesday, April 24, 2024

General line - 0115112241

නායකත්වය නොලැබුනොත් මාලිංග දැඩි තීරණයක් ගැනීමේ සූදානමක

කසුන් කැළුම්/ සමන්ත කුමාර




මෙවර ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නොලැබුණහොත් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට ලසිත් මාලිංග තීරණය කර ඇතැයි වාර්තා පල වනවා.

නායකත්වය අහිමි වුවහොත් ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩා නොකර කී‍්‍රඩාවෙන් සමුගැනීමට මාලිංග තීරණය කර ඇති බවටයි එම වාර්තා පල වන්නේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි කතා බහක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නැහැ.

හෙට දිනයේ එම කණ්ඩායම නම් කිරීමට නියමිත බවයි තේ්රීම් කමිටු ප‍්‍රධානි අසන්ත ද මෙල් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත මීට පෙර කියා සිටියේ.

කණ්ඩායම නම් කිරීමෙන් පසු නායකයා කවුරුන්ද යන්න තීරණය කරන බවද ඔහු කියා සිටියා.

ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිවුස් සහ දිමුත් කරුණාරත්න යන තිදෙනා අතරින් අයෙකු ඒ සදහා නම් කෙරෙනු ඇති බවටයි වාර්තා පල වන්නේ.