Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු ජනාධිපතිවරයෙක් වෙඩි තබාගනී

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබෙනවා.

දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු ජනාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේ වෙඩි තබාගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

වෙඩි තබාගැනීමෙන් පසු රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපතිවරයා එහිදී මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

බ‍්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබාගත් බවට ඇලන් ගාසියාට චෝදනා එල්ල වුණා. පොලීසිය හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇත්තේ එම චෝදනාව යටතේයි. 1985 සිට 1990 දක්වාත් 2006 සිට 2011 දක්වාත් ඔහු පේරු රාජ්‍යයේ ජනාධිපති ධුරය හොඹවා තිබෙනවා.