Friday, March 29, 2024

General line - 0115112241

බෙලිඅත්ත දුම්රිය ස්ථානයට සල්ලි මල්ලක්

සමන්ත කුමාර/ලහිරු කපුගේ




මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමග එම මාර්ගයෙන් සැලකිය යුතු මට්ටමක දෛනික ආදායමක් ලැබෙමින් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න පැවසුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පමණක් පසුගිය දින කිහිපයේදී දිනකට ලක්‍ෂ තුනහමාරක පමණ ආදායමක් ඉපැයූ බවයි.

සෙසු දුම්රිය ස්ථානවලින්ද ඉහළ ආදායමක් ලැබුණු බව දුම්රිය ගමනා ගමන අධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියාසිටියා.

මේ අතර පසුගිය දින 12 තුළ දක්‍ෂිණ අධිවේගී මාර්ගයෙන් සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා තිබෙනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අධ්‍යක්‍ෂ එස්.  ඕපනායක පැවසුවේ පසුගිය වසරට සාපේක්‍ෂව මෙම කාලසීමාව තුළ ලැබූ ආදායම සියයට 8 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. ඉකුත් 07 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුළ අධිවේගී මාර්ගවල වාහන ලක්‍ෂ 12 ක් පමණ ධාවනය කර ඇති බවද ඔහු පැවසුවා.

එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 10 ක වර්ධනයක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම රථ වාහන සංඛ්‍යාවක් ධාවනය වී ඇත්තේ ඉකුත් 15 වනදායි. වාහන අසූ පන්දහසක් පමණ එම දිනය තුළ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇති අතර රුපියල් මිලියන 25 ක පමණ ආදායමක් එදින උපයා තිබෙනවා.