Saturday, April 20, 2024

General line - 0115112241

සමුගැනීමක් ? ලසිත් මාලිංගගේ අවසන් තීරණය තවමත් කොට උඩ

කසුන් කැළුම්




එළඹෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා සහභාගි නොවන බවට කිසිදු නිල දැනුම්දීමක් ලසිත් මාලිංගගෙන් මේ දක්වා ලැබී නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා.

එහි ප‍්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ලසිත් මාලිංග මෙම තරගාවලිය සදහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් සහභාගි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. 

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා සහභාගි කෙරෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තමන් නම් නොකෙරුණ හොත් එම තරගාවලිය සදහා සහභාගි නොවී ලසිත් මාලිංග විශ‍්‍රාම ගනු ඇතැයි මීට පෙර අන්තර්ජාල වාර්තා පළ වුණා. කෙසේවෙතත් සංචිතයේ නායකත්වය සදහා නම් කර ඇත්තේ දිමුත් කරුණාරත්නයි. 

ඒ අනුව ගනු ලබන පියවර කුමක් දැයි නෙත් නිවුස් ඊයේ පෙරවරුවේ ලසිත් මාලිංගගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ සංචිතය සම්පූර්ණයෙන් නම් කිරීමෙන් පසු සිය තීරණය ගන්නා බවයි. සම්පූර්ණ සංචිතය ඊයේ පස්වරුවේ ප‍්‍රකාශයට පත් කෙරුණා.