Wednesday, April 24, 2024

General line - 0115112241

කංජිපානි ඉම්රාන්ගේ ඥාතී පුත්‍රයා මුදාහැරේ




ඩුබායි සිට පිටුවහල් කරනු ලැබ ඊයේ (18) අළුයම ශී‍්‍ර ලංකාවට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප‍්‍රශ්න කිරීම්වලින් පසු අද උදෑසන මුදාහැරුණා. මෙලෙස මුදාහැර ඇත්තේ වයස අවුරුදු 50 ක් වන පියල් පුෂ්පකුමාර රාජපක්‍ෂ නමැත්තායි. ඔහු දෙමටගොඩ, ආරාම පාරේ පදිංචිකරුවෙකු වනවා. 

ඊයේ අත්අඩංගුවට ගැණුනු අනෙත් තැනැත්තා 22 වන වියේ පසුවන මොහොමඞ් අෆ්රිඩි මොහොමඞ් ඉන්හාම් නමැත්තෙක්. වැඩිදුර විමර්ශන සදහා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. 

මෙම පුද්ගලයා කොළොන්නාව, සාලමුල්ල, ගමගේවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි විමර්ශනවලින් හෙළි වී තිබෙන්නේ. ඔහු කුප‍්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ බිරිදගේ සහෝදරියකගේ පුත‍්‍රයෙකු බවද වැඩිදුරටත් හෙළිව තිබෙනවා.